ශ්රී ලංකාව පසුගිය මාස හයක කාලය තුළ සංචාරකයන් පැමිණීමෙන් ඩොලර් බිලියන 3.7ක ආදයමක් උපයා ඇති බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්ය විජිත හේරත් මහතා පවසයි.
ඔහු සඳහන් කළේ මේ වසර අවසන් වන විට තවත් ඩොලර් බිලියන 3.7ක ආදයම් ඉලක්කයක් අපේක්ෂා කරන බවයි.
අමාත්යවරයා මෙම අදහස් පළ කළේ නුවරඑළිය සීතා අම්මන් කෝවිලේ, පැවති උත්සවයට සහභාගී වෙමින් ය.
“ඉන්දියානුවන් තමයි ලංකාවට වැඩියෙන්ම සංචාරකයින් විදියට පැමිණෙන්නේ. ගොඩක් අය ආගමික සංචාරකයින් වෙනවා. කොනේෂ්වරන් කෝවිලට, කතරගමට විවිධ ස්ථාන දැකබලා ගන්න ඉන්දියානු සංචාරකයින් විශාල ප්රමාණයක් පැමිණෙනවා. අපිට ඒක ලොකු හයියක්. ඔබ දන්නවා අපි ආර්ථික වශයෙන් බංකොළොත් වෙලා හිටියේ. ඒ තත්ත්වයෙන් මිදෙන්න නම්, අපි සංචාරක කර්මාන්තය වේගයෙන් දියුණු කරන්න ඕනේ. අපි ඒ සඳහා ඉලක්කයක් හඹාගෙන යනවා. දැනටමත් මිලියන 1.3ක සංචාරකයින් ප්රමාණයක් ඇවිත් තියෙනවා. ආදායම් විදියට පහුගිය මාස 6ට ඩොලර් බිලියන 3.7ක් අපි උපයලා තියෙනවා. මේ අවුරුද්දේ අපි සංචාරකයින් ලක්ෂ 30ක ඉලක්කයක් බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් විශාල කර්තවයක් ඉටුකරමින් ඉන්නවා.” යැයි අමාත්යවරයා වැඩි දුරටත් පැවසීය.
කාංචනා
සංචාරකයින්ගේ පැමිණීමෙන් මාස හයට ඩොලර් බිලියන 3.7ක්








