නීත්‍යානුකූල නොවන අන්දමින් සේවය හැරගොස් සිටි ත්‍රිවිධ හමුදා සමාජිකයින් 3,500කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පැවසීය.
පසුගිය පෙබරවාරි මස 22 වන සිට අගෝස්තු මස 3 වන දින දක්වා කාලය තුළ සිදු කළ මෙහෙයුම්වල දී සේවය හැරගොස් සිටි ත්‍රිවිධ හමුදා සාමජිකයින් 3,504 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත්
ඒ අතර යුද හමුදා සෙබලුන් 2,937 දෙනෙකු සිටින බවත් පැවසේ.
ආරක්ෂක අමාත්‍යංශය වැඩි දුරටත් සඳහන් කළේ නාවික හමුදා සෙබලුන් 289 දෙනෙකු සහ ගුවන් හමුදා සෙබලුන් 278 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව ය.
නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් නොවී හමුදාව හැරගොස් සිටින සාමාජිකයින් සඳහා, හමුදාවට භාර වීමට පසුගිය වසරේ පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර තිබුණි.
එම කාලය තුළ භාර නොවු පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා පසුගිය පෙබරවාරි මස 22 වන දින සිට මෙහෙයුම් ක්‍රියාත්මක ය.
කාංචනා
නීත්‍යානුකූල නොවන ලෙස සේවය හැරගිය සෙබළුන් 3,500කට වැඩි පිරිසක් අත්අඩංගුවට








