අනුරාධපුර කුම්බිච්චන්කුලම උද්යානය අංග සම්පූර්ණ අලංකාර මහජන උද්යානයක් ලෙස පිළිසකර කිරීමේ කටයුතු පසුගියදා ආරම්භ වුණා.
‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ නිර්මාණය කිරීමේ රජයේ වැඩ පිළිවෙළ යටතේ ක්රියාත්මක වන මෙම සංවර්ධන වැව් කටයුත්තෙහි ආරම්භය වෙළඳ සහ වානිජ අමාත්ය වසන්ත සමරසිංහ මහතාගේ ප්රධානත්වයෙන් සිදුවිය.
අනුරාධපුරයේ සහ පූජා නගරයේ ඓතිහාසික බව ආරක්ෂා කරමින් සිදුවන මෙම වැඩ පිළිවෙළෙහි සංවර්ධන කටයුතු කඩිනමින් සිදූවන බව අමාත්යවරයා වැඩි දුරටත් පවසා සිටියේය
දමයන්ති








