පොලිස් අත් අඩංගුවෙන් මිදී පලායාමට අඩි 40කින් බිමට පැන්න වලස් කටා ගේ අත්පාවල අස්ථි බිදීමෙන් කොළඹ ජාතික රෝහලට

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කෙහෙල් බද්දර පත්මේගේ සමීපතම ගෝලයෙකු වන පස්දේවා නැමති අපරාධ කල්ලි නායක යාගේ ප්රකාශ මත පසුගියදා
බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන දින අනූවක රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්රශ්ණ කරමින් සිටි වලස් කටා නොහොත් තිළිණ සම්පත් නැමති සැකකරු 09 වනදා රාත්රී බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාශයේ තෙවන මහලින් බිමට පැන පලා යාමට තැත් කිරීමේදී දෙපාවල අස්ථි බිදී තුවාල ලබා ජාතික රෝහලේ හදිසි අණතුරු අංශයට ඇතුලත් කර ඇතැයි බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශයෙන් වාර්තාවේ.
මෙම සැකකරු 09 වනදා රාත්රී තමාට වැසිකිළියට යාමට අවශ්ය බව නිලධාරීන්ට පවසා ඇති අතර පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු ගේ ආරක්ෂාව මැද සැකකරු ගේ මූළික අවශ්යතාවයට ඉඩ සළසා දෙමින් අත්මාංචු නොදමා සැකකරු වැසිකිළියට කැටුව ගොස් ඇත.
වැසිකිළියේ සිට පිටතට පැමිණි සැකකරු තමාට බෙහෙත් පෙත්තක් අවශ්ය බව පවසා ඇති අතර පොලිස් නිලධාරියෙකු එය රැගෙන ඒමට ගියපසු සැකකරුට ලබාදීමට එම ස්ථානයෙන් මඳක් නික්මුණු මොහොතේ එහි සිටි අනෙක් නිලධාරීන්ට පහරදුන් සැකකරු අඩි හතලිහක පමණ උසින් යුතු එම ගොඩනැගිල්ලෙන් බිමට පැන පලා ගොස් ඇත.
වහාම ක්රියාත්මක වූ පොලිස් නිලධාරීන් සැකකරු අත් අඩංගුවට ගැනීමට ඔහු පසුපස පන්නා යද්දී සැකකරු කොළඹ මීගමුව ප්රධාන පාරේ මීටර් දෙසීයක් පමණ දුර දිව යමින් සිටියදී පොලිසිය සැකකරු අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ දෙපාවල අස්ථි බිදීමට ලක්ව ඇති බැවින් පොලිස් ආරක්ෂාව මැද සැකකරු කොළඹ ජාතික රෝහලේ හදිසි අණතුරු අංශයට 9 වනදා රාත්රී ඇතුලත් කර ඇත.
අඩි 40ක උස ගොඩනැගිල්ලකින් බිමට පැනීම හේතුවෙන් සැකකරු ගේ එක් අතක් වැළමිට ප්රදේශයෙන් බිදී ගොස් ඇති අතර දෙපාවල අස්ථී වලටද බරපතල හාණි සිදුවී ඇතැයි පොලිසිය පැවසීය.
බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශයේ අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕළුගල මහතාගේ මූලික අධීක්ෂණය මත එම කොට්ඨාශයේ මෙහෙයුම් අංශ භාර ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා මහතා ඇතුළු නිලධාරීන් කංඩායමක් විසින් විමර්ශන සිදුකරමින් සිටිති.


කුසුම් එස් හැන්නදි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website