2027 අයවැය මඟින් වැටුප් සහ දීමනා වැඩි නොකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙට (නොවැම්බර් 30) පැවැත්වීමට නියමිත දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහභාගී නොවන බව වෘත්තීය සමිති සහ වෘත්තීය සංගම් කිහිපයක් නිවේදනය කර තිබේ.
එම වෘත්තීය සංගම් අතර, දේශීය ආදායම්, රේගු සහ සුරාබදු දෙපාර්තමේන්තු නියෝජනය කරන වෘත්තීය සමිති කමිටුව, රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවට අනුබද්ධ වෘත්තීය සමිති 20ක්, සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, සංවර්ධන නිලධාරීන්ගේ සේවා සංගමය, ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය සහ ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවා සංගමය ද හෙට පැවැත්වෙන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහභාගී නොවන බව තහවුරු කර තිබේ.















