CTB බසය මතට ගලක් පතිත වෙයි: මගියෙක් මරුට – දෙදෙනෙකුට බරපතළයි

අද (28) පස්වරු 2.30 ට පමණ හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන කළුගල පොලිස් මුරපොල අසලදී ලංගම බස් රථයක් මතට ගලක් කඩා වැටීමෙන් මගියෙකු මිය ගොස් තවත් මගීන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

පොල්පිටිය සහ කළුගල පොලිස් ස්ථානවල පොලිස් නිලධාරීන්ගේ මෙන්ම සෙසු මගීන්ගේ සහාය ඇතිව තුවාල ලැබූ මගීන් ගිනිගත්හේන ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.

මෙම ගල මාර්ගයට වැටීමට පෙර බස් රථයේ ගැටී ඇති අතර, එමඟින් බස් රථයට විශාල හානියක් සිදුවී ඇත.

පොල්පිටිය ප්‍රදේශයට ඇද හැළුණු අධික වර්ෂාපතනය හේතුවෙන් ගල ගැලවී බස් රථය මතට පෙරළී යන්නට ඇති බව පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ ආගරපතන ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි මුත්තන් සුදර්ශන් නැමැති අයෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website