නීතිපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ මහතා සහ රුසියානු සමූහාණ්ඩුවේ ප්‍රධාන අභිචෝදක ජනරාල් Aleksander Gutsan මහතා අතර හමුවක් අද (26) දින විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණ.
දෙරට අතර ඇති දීර්ඝකාලීන සහයෝගීතාවය තවදුරටත් වැඩිදියුණූ කර ගනිමින් ඉදිරි කටයුතු සිදු කිරීම සහ දෙරට අතර නීතිමය සහයෝගීතාවය වර්ධනය කර ගැනීම ඇතුළු නීතිමය වශයෙන් වැදගත් වන කරුණූ සම්බන්ධයෙන් සාකච්ඡා වූ අතර එම කරුණූ සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමක් සඳහාද අත්සන් කිරීම ද මෙරට නීතිපතිතූමා සහ රුසියානු සමූහාණ්ඩුවේ ප්‍රධාන අභීචෝදක ජනරාල් විසින් සිදුකරන ලදී.















