උත්සව සමයේ ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම: PHI සංගමයෙන් මහජනතාවට විශේෂ දැනුම් දීමක්

උත්සව සමයේදී ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේදී වඩාත් ප්‍රවේශම් වන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ වැඩබලන සභාපති උපුල් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

උත්සව සමයට පෙර සහ උත්සව සමයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ආහාර සිල්ලර වෙළඳසැල් විශේෂ පරීක්ෂාවන් සිදුකරන බව ද ඔහු පැවසුවේය.

උත්සව සමයේ දී ශීත කළ මාළු සහ මස් වැනි ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේදී විශේෂයෙන් සැලකිලිමත් විය යුතු බව අවධාරණය කළ ඔහු ඇසුරුම් කරන ලද ආහාර නිෂ්පාදන මිලදී ගැනීමේදී කල් ඉකුත්වන දිනයන් සහ අමුද්‍රව්‍ය ලැයිස්තු හොඳින් පරීක්ෂා කර බලන ලෙස ද මහජනතාවට උපදෙස් දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website