සෞඛ්‍ය හා අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවාවක් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (25) පාර්ලිමේන්තුවේ දී රජයෙන් ඉල්ලා සිටියේය.
2027 අයවැයට අදාළව සෞඛ්‍ය, තැපැල් හා ජනමාධ්‍ය ක්ෂේත්රයන් සම්බන්ධ අයවැය විවාදයට එක්වෙමින් විපක්ෂ නායකවරයා මෙම යෝජනාව කළේය.
එහි දී මෙම සෞඛ්‍ය ක්ෂේත්රයේ නියැලී සිටින ප්‍රජාව මුහුණ දෙන ගැටලු රැසක් කෙරෙහි රජයේ අවධානය යොමු කිරීමට කටයුතු කළ විපක්ෂ නායකවරයා තැපැල් ක්ෂේත්රය මුහුණ දෙන ගැටලු සේම රජයේ ජනමාධ්‍ය ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ද අදහස් ඉදිරිපත් කළේය.
ජනමාධ්‍ය ආයතන නියාමනය විය යුත්තේ රාජ්‍ය මැදිහත්වීමෙන් නොව ස්වයං නියාමන ක්‍රමවේදයක් තුළින් බව ද විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
















