හිටපු ජනපති ගෝඨාගේ අභියාචනයක් විභාග කිරීම 2027 මාර්තුවලට කල් යයි

2019 වසරේ පාස්කු ඉරිදා දින සිදු වූ මරාගෙන මැරෙන ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශන‍ වලට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ පෙත්සමක් නිෂ්ප්‍රභ කරමින් අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ අභියාචනා පෙත්සම 2027 මාර්තු 05 වන දින කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (25) නියෝග කළේය.

මෙම නඩුව අද දින විනිසුරු මහින්ද සමයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website