ආණ්ඩුවේ නොහැකියාව සඟවා ගැනීමට මර්දනකාරී පනත් ගේන බවට විපක්ෂ නායක චෝදනා කරයි

පාර්ලිමේන්තුවෙන් පිටත ඒ ආකාරයට මර්දනය ක්‍රියාත්මක කරන විට පාර්ලිමේන්තුවේ ඇතුළතත් මර්දනය කතා කිරීමේ නිදහසට බාධා පැමිණවීම සිදු කිරීමට කතානායකවරයා ප්‍රමුඛ රජයේ මන්ත්‍රීවරුන් කටයුතු කරන බවට චෝදනා කළ විපක්ෂ නායකවරයා අවම වශයෙන් ස්ථාවර නියෝග යටතේ හෝ රීති ප්‍රශ්නයක් ඇසීමට පවා ඇති අවස්ථාව විපක්ෂය අහිමි කර ඇති බව කීවේය.

විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී සිය ස්ථාවරය පැහැදිලි කරමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website