වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද (09) මධ්‍යහ්න 12:30ට නිකුත් කළ නිවේදනයක් මගින් ඉදිරි පැය 24 සඳහා වලංගු වන පරිදි අත්තනගලු ඔය ද්‍රෝණිය සඳහා ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.
අත්තනගලු ඔය ද්‍රෝණියේ ඉහළ සහ මැද ධාරා ප්‍රදේශවලට ඇද හැලුණු අධික වැසි සහ බස්නගොඩ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යමින් පවතින බැවින් පහත දැක්වෙන ප්‍රදේශවල ගංවතුර අවදානමක් ඇති විය හැකි බව අදාළ නිවේදනයේ සඳහන් වේ.
අවදානමට ලක්වන ප්‍රදේශ: දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා-ඇල, කටාන සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත් බිම් ප්‍රදේශවලට ගංවතුර අවදානමක් පවතී.










