2026.11.08 දින රාත්‍රී නල්ලතන්නිය පොලිස් වසමේ පුදුකාඩු වත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දීම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු මස්කෙළිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් ඇති බවට නල්ලතන්නිය පොලිස් ස්ථානය වෙත ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණකරු අවුරුදු 27 ක් වූ මරේවත්ත, මස්කෙළිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
දෙපාර්ශවයක් අතර ඇතිවූ බහින් බස්විමක් දුරදිග යාම හේතුවෙන් තියුණු ආයුධයකින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බවට මුලික විමර්ශනයෙදි අනාවරණය වී ඇත.
මරණකරුගේ පියාද සිද්ධියෙන් තුවාල ලබා මස්කෙළිය රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඝාතනයට සම්බන්ධ අවුරුදු 29ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. නල්ලතන්නිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.















