වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට තැත් කළ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

2026.11.02 දින රාත්‍රී උප්පුවේලි පොලිස් වසමේ කප්පල්තුරේ ප්‍රදේශයේදී කප්පල්තුරේ හන්දිය දෙසට ධාවනය වූ කුලී ත්‍රීරෝද රථයක පිටුපස ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු හට නාඳුනන තුවක්කුරුවෙකු විසින් වෙඩි තබා පලා යාමේ අපරාධය සම්බන්ධයෙන් උප්පුවේලී පොලිසිය හා මාතර පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුර මඟින් විමර්ශන ආරම්භ කර තිබුණි.

ඒ අනුව මාතර පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත මෙම අපරාධයේ වෙඩික්කරු ලෙස ක්‍රියාකල සැකකරු විමර්ශන නිලධාරීන් විසින් 2026.11.06 දින රාත්‍රී දික්වැල්ල ප්‍රදේශයේදී මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීම හා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන උප්පුවේලී පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

දෙවන හා තෙවන සැකකරුවන් 2026.11.02 දින අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 32 මිලිග්‍රෑම් 800 ක් සන්තකයේ තබාගෙන සිටි චෝදනාව මත අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සිදුකිරීමේදී මෙම මනුෂ්‍ය ඝාතනයට කුමන්ත්‍රණය කිරීම හා ආධාර අනුබල දීම මෙම සැකකරුවන් විසින් සිදුකර ඇති බවට අනාවරණය වී ඇත.

සැකකරුවන් අවුරුදු 24, 28 හා 34 වයස්වල පසුවන දික්වැල්ල හා ත්‍රීකුණාමලය ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

මෙහි වෙඩික්කරු ලෙස ක්‍රියාකළ සැකකරු යුධ හමුදාවේ සේවය කර නිත්‍යානූකූලව ඉවත් වූ පුද්ගලයෙකි. උප්පුවේලී පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website