ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දේශපාලන පක්ෂයක් ලෙස පිළිගන්න බෑ – මැතිවරණ කොමිෂම

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිලවරණය පවත්වා නිලධාරි මණ්ඩලය පත්කරගැනීමට කඩිනමින් පියවර ගන්නා බව දයාසිරි ජයසේකර මහතා පැවසුවේය‍.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට නිල වශයෙන් පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස සැලකිය නොහැකි බව මැතිවරණ කොමිසම දැනුම් දී ඇති බව ද ජයසේකර මහතා සඳහන් කළේය.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට දේශපාලන පක්ෂයක් ලෙස නිල වශයෙන් පිළිගත නොහැකි බව මැතිවරණ කොමිෂම අපට සහ අදාළ පාර්ශ්වයන්ට දැනුම් දී තිබෙනවා. නිලවරණය පැවැත්වීම ඇතුළු අවශ්‍ය නිර්ණායක සපුරාලීමෙන් පසු පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචිවීමට යළි ඉල්ලීමක් ඉදිරිපත් කරන ලෙස කොමිසම දැනුම් දුන්නා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අභ්‍යන්තර තිබෙන බැවින් මැතිවරණයකට නාමයෝජනා භාරදීමට හැකියාවක් නැහැ. ඒ හේතුවෙන් පක්ෂ නිලවරණය පවත්වා නිලධාරි මණ්ඩලය පත්කරගැනීමට කඩිනමින් කටයුතු කළ යුතුයි. මේ ගැන අදාළ පාර්ශ්ව සමඟ කඩිනමින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා” දයාසිරි ජයසේකර මහතා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website