ශ්‍රී ලංකාවේ පෙනහළු පිළිකා රෝගීන්ගේ 50%ක වර්ධනයක් – කාන්තාවන් අතර පෙනහළු පිළිකාව ඉහළට

2010 වසරේ සිට 2020 කාලය දක්වා ශ්‍රී ලංකාවේ පෙනහළු පිළිකා රෝගීන් 50%කින් පමණ ඉහළ ගොස් ඇති බව ජාතික ශ්වසන රෝග ආයතනයේ උරස් ශල්‍ය වෛද්‍ය උපදේශක වෛද්‍ය සමන් ඉද්දගොඩ මහතා පැවසුවේය.

වෛද්‍ය ඉද්දගොඩ මේ බව හෙළි කළේ ඊයේ (04) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවක දීය.

“2010 සිට 2020 දක්වා කාලය ආවරණය වන පරිදි ජාතික ශ්වසන රෝග රෝහලේ සහ ජාතික පිළිකා පාලන වැඩසටහනේ දත්ත විශ්ලේෂණය කිරීමෙන් පිරිමි සහ ගැහැණු යන දෙඅංශයෙන්ම පෙනහළු පිළිකා රෝගීන්ගේ ආසන්න වශයෙන් 50% ක වැඩිවීමක් අනාවරණය වුණා. පෙනහළු පිළිකාව පිරිමින් අතර ප්‍රධාන පිළිකාවක් ලෙස මතුවෙමින් පවතින බව මෙහි දී අනාවරණය වුණා. ඒ වගේම කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන පිළිකා 10 අතරට ද එය ඇතුළත් වීම විශේෂත්වයක්. ඒ වගේම මෙහි දී තවත් වැදගත් සොයා ගැනීමක් කළා. ඒ තමයි දුම් නොබොන්නන් අතර, විශේෂයෙන් කිසිදා දුම් නොබොන කාන්තාවන් අතර පෙනහළු පිළිකා රෝගීන්ගේ වැඩිවීමක් වාර්තා වෙනවා”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website