තවත් ඇතෙකු ඝාතනය කර ඇති බවත් මෙම පරිසර ත්‍රස්තවාදීන් සියලු දෙනා නීතිය හමුවට පමුණුවා ඔවුන්ට උපරිම සහ දැඩිම දඬුවම් ලබා දීම සඳහා සැවොම එක්විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය.
සිය ෆේස්බුක් පිටුවේ විශේෂ සටහනක් තබමින් විපක්ෂ නායකවරයා මෙසේ ද සඳහන් කළේය.
“තවත් ඇතෙකු ඝාතනය කර ඇත. වනජීවී දෙපාර්තමේන්තුව වාර්තා කර ඇති පරිදි, එය ඉතා භයානක සහ සංවේගජනක දර්ශනයකි. මේ සඳහා කඩිනම් සහ දැඩි ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍ය වේ. මෙම විනාශය සහ හානිය වැළැක්වීම සඳහාත්, මෙම අපරාධකරුවන් (පරිසර ත්‍රස්තවාදීන්) සියලු දෙනා නීතිය හමුවට පමුණුවා ඔවුන්ට උපරිම සහ දැඩිම දඬුවම් ලබා දීම සඳහාත් සැවොම එක්වෙමු”.













