ජනාධිපති රනිල් ලබා දුන් පොදු සමාවක් ශ්‍රේෂ්ඨාධිකරණය බලශූන්‍ය කරයි

සිය භාර්යාවට නඩත්තු හිඟ මුදල් ගෙවීම පැහැර හැරීම හේතුවෙන් මාස 29ක සිර දඬුවමක් නියම වී සිටි පුද්ගලයෙකු පොදු සමාව යටතේ නිදහස් කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගත් තීරණය බලශූන්‍ය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දුන්නේය.

පසුගිය 23 වැනිදා සිය තීන්දුව ලබා දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ, අදාළ පුද්ගලයාට එරෙහිව අධිකරණය නියම කර තිබෙන දඬුවම ක්‍රියාත්මක කිරීමට බන්ධනාගාර බලධාරීන්ට බලය තිබෙන බව ය.

මොහොමඩ් අමීන් මොහොමඩ් නසීම් නමැත්තාගේ බිරිඳ වන අහමඩ් ෆාමිල්ලා බේගම් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

ආචාර්ය සෝභිත රාජකරුණා, සම්පත් විජේරත්න සහ ජනක් ද සිල්වා යන ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවරුන් හමුවේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website