මාතර කුඩාවැල්ල ධීවර වාරයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවර යාත්රාවක් සහ මුලතිව් පුදුමාතලන් ප්රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවර යාත්රාවක් සොයා මෙහෙයුම් ක්රියාත්මක කරන බව දනාවික හමුදාව සඳහන් කළේය.
මාතර, කුඩාවැල්ල ප්රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවර යාත්රාවක් අතුරුදන්ව ඇති බවට ලද තොරතුරු මත එම යාත්රාව සොයා ගුවන් හමුදාව සහ නාවික හමුදාව මෙහෙයුම් අරම්භ කර ඇති බව නාවික හමුදාව පවසයි.
මෙම ධීවර යාත්රාව පසුගිය 21 වනදා ධීවරයින් සිවු දෙනෙකු සමඟ ධීවර කටයුතු සඳහා කුඩාවැල්ල ධීවර වරායෙන් පිටත්ව ගොස් ඇති අතර එහි සිටි ධීවරයින් අවසන් වරට පසුගිය 23 වනදා යාත්රාවේ හිමිකරු සමඟ සන්නිවේදනය සිදුකර ඇති බව ද නාවික හමුදාව සඳහන් කළේය.
ඉන් පසු අදාළ ධීවර යාත්රාව සමග තිබූ සබඳතා බිඳවැටී ඇති බවට යාත්රා හිමිකරු විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි නාවික හමුදාව පැවසීය.













