අධි අවදානමක සිටින දළ ඇතුන් පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් වාර්තාවක් අද දින (27) පරිසර අමාත්යවරයාට භාර දෙයි
අධි අවදානමක සිටින දළ ඇතුන් පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් වාර්තාවක් අද දින (27) පරිසර අමාත්ය දම්මික පටබැඳි මහතාට භාර දෙනු ලැබුවේය. ඒ සංරක්ෂණය අරමුණු කර ගනිමින් මෙරට දළ ඇතුන් පිළිබඳ අධ්යයනයන් සිදුකරණ Wild Tuskers Sri Lanka සංවිධානය විසිනි. ඔවුන් එම වාර්තාව යුධ හමුදාපතිවරයා වෙත ද භාර දී තිබේ.
මේ සම්බන්ධයෙන් පරිසර අමාත්යවරයා මෙසේ ද සඳහන් කළේය, අධි අවදානම් සිමාවේ සිටි දළ ඇතුන් 13 දෙනෙකු ආරක්ෂක හමුදා අධීක්ෂණයට පත් කිරීමත් සමඟ සමාජ මාධ්ය තුළ ප්රබල කතිකාවක් ඇති විය. මෙම දළ ඇතුන් 13 තෝරා ගත්තේ කෙසේද? ඊට පදනම් වූ කරනු මොනවාද?
මෙම තෝරා ගැනීමට මුලිකව පදනම් වුයේ කරුණු 5 මත පදනම් වූ අවධානම් තත්ත්වය පිළිබඳ ලකුණු (RISK SCORE ) ලබාදීමේ ක්රමවේදයකිනි.
එය
- ඇතා ගේ හැසිරීම
- සංචරණ කලාපය කෙතරම් දුරට ජනාවාස හා ගොවිබිම් සමඟ සමපාත වීම
- එම සංචරණ කලාපයේ අලි – මිනිස් ගැටුමේ උග්ර තාවය
- ඇතා දර්ශනය වීමේ පහසු බව (Sighting Frequancy )
- ඇතා ගේ ජිව විද්යාත්මක වටිනාකම හා දුර්ලභතාවය (Specimen Rarerity )
- මත පදනම් ප්රතිශතයක් ලෙස ලකුණු ලබාදීමේ ක්රම වේදයකි
අග්බෝ ඇතාගේ මෙම අගය 96.7%ක් වන අතර වාසල ඇතාගේ එය 95%කි
ත වද මෙම තෝරාගන්නා ලද ඇතුන් මගින් ශ්රී ලංකාව තුළ අලි මිනිස් ගැටුම උග්ර ප්රදේශ හැකි තරම් ආවරණය වන ලෙස සිදු කර ඇත. දැනට පළමුව තෝරා ගත් 13 දෙනාට අමතර තවත් ඇතුන් 4 දෙනෙකු අඩංගු කර ඇත. මෙම 17 මගින් ශ්රී ලංකාව තුළ අලි මිනිස් ගැටුම උග්ර ප්රදේශ දළ වශයෙන් 80%ක් පමණ ආවරණය වේ. ඉදිරියට ක්රමානුකුලව සියලු පරිණත දළ ඇතුන් මෙම අධීක්ෂණ නාමාවලියට එකතු වන අතර යුධ හමුදාව දැනටමත් ඒ පිළිබඳ එකඟතාවය පළකර ඇත.
එතකොට අනිත් අලින්ට මොකද වෙන්නේ? උන් වටින්නේ නැද්ද? ඇතා හමුදාවට පෙන්න එකතැනකට වෙලා ඉදීවිද ?
අලි ඇත්තු ඔක්කොම වටිනවා එත් ඇත්තු දුර්ලභයි. මේ ක්රියාන්විතය පටන් ගන්නේ දළ ඇත්තු රකින්න. හැබැයි මේකෙන් සමස්ත වන අලි පරපුරටම සෙතක් වෙනවා.
යුද හමුදා කණ්ඩායම් අඛණ්ඩව ඇතා නිර්ක්ෂණය කිරීම සිදු කරනවා, එය සිදුවන්නේ ඇතාට ආසන්නම හමුදා අනුකණ්ඩයෙන්. ඒ හැම නිරික්ෂණයකදිම ඇතා පිළිබඳ දත්ත සටහන් කරගැනීමක් සිදු වෙනවා. ඒවා අතරට නිරවද්ය ස්ථානය, හැසිරීම පිළිබඳ පරාමිතීන්, සෞඛ්ය තත්ත්වය පිළිබඳ පරාමිතීන්, අවට සැරිසරණ අනෙකුත් අලි ඇතුන් පිළිබඳ දත්ත මෙන්ම ඇතා නිරීක්ෂණය කරනුයේ ජනාවාසයක් ආශ්රිතව නම් ඇතා විසින් සිදුකරන ලද වගා හානි, දේපළ හානි හා ජිවිත හානි පිළිබඳවද කරුණු අඩංගු වේ.
ඉන්පසු මෙම කරනු යුද හමුදාව සතු ජාතික භූ දත්ත පද්තතිය (GIS) ආධාරයෙන් වාර්තා කරනු ඇත. එමගින් අදාළ ඇතාගේ ගමන් මාර්ගය ඉතාම නිවැරදි ආකාරයට වාර්තා කරගැනීමට මෙන්ම ඇතාගේ ගමන් මාර්ගය නිවැරදිව කලින් හඳුනා ගෙන ආරක්ෂක කටයුතු යෙදීම ජනතාව දැනුවත් කිරීමට හැකිවනු ඇත.
මෙම නිරීක්ෂණයන් තුළදී අදාළ ප්රදේශයන් තුළ සිදු වන නොයෙකුත් නීති විරෝධී ක්රියා පිළිබද නිරීක්ෂණ ද ලබා ගැනීමට නියමිතය. බඳින කඳන්, හක්ක පටස්, අනවසර ගිනි අවි, අනාරක්ෂිත වගා ලිං ආදී කරනු පිළිබඳ අවධානය කිරීමට නියමිතව ඇත
යම් හෙයකින් ඇතා වෙනත් හමුදා අනුකණ්ඩයක් ආසන්නයට ළඟා වුව හොත් එතැන් පටන් එම සිමාවේ ඇතා නිරීක්ෂණය එම අනුකණ්ඩය භාරයට පත්වේ.
බොහෝවිට දළ ඇතුන් තම මද කාලසීමාව තුළ අලි රංචු සමඟ සම්බන්ධ වී සිටීම සිදුවන බැවින් මෙමගින් එම අදාළ දළ ඇතා පමණක් නොව ඔහු සම්බන්ධ වී සිටින රංචුවේ සියලුම අලි ඇතුන් සහ පැටවුන් නිරීක්ෂණය වීම ද සිදුවේ.
දැනටමත් තුවාල වී සිටින සියලු අලි ඇතුන්ගේ ප්රතිකාර කිරීම ද , අධීක්ෂණය ද ජාතික භූ දත්ත පදතිය (GIS) හා සම්බන්ධ කර ඇති අතර එම ක්රියාවලිය වනජීවී දෙපාර්තමේන්තුව, යුද හමුදාව මෙන්ම \Wild Tusker Sri Lanka සමාජිකයන් ගෙන් සැදුම්ලත් කණ්ඩායමකින් නිරීෂණය වේ.
අලි මිනිස් ගැටුම පාලනය සඳහා පරිසර අමාත්යංශය මේ වන විට කෙටිකාලීන, මධ්ය කාලීන මෙන්ම දිගු කාලීන වැඩ සටහන් රැසක් ක්රියාත්මක කරමින් සිටි. ඉතිහාසයේ පළමු වතවට අලි කොරිඩෝ ගැසට් කිරීම ඉන් ප්රධානයි. එම ක්රියාදාමයන්ට අමතරව අලි ඇතුන් සුරැකිමේ මෙම ඒකාබද්ධ මෙහෙයුම් ක්රියාත්මක කරන්නේ කඩිනම් අවශ්ය තාවයක් සේ සලකමිනි”.













