අලුත්ගම කන්ද විහාරයේ රඳවා සිටි ඇතින්නියක් සංචාරක මග පෙන්වන්නෙකු මරා දමයි

අළුත්ගම කන්ද විහාරය පන්සල් භූමියේ රඳවා සිටි ඇතින්නියක් ඊයේ (26) උදෑසන සිදුකළ පහරදීමක් හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

වයස අවුරුදු 33 ක් වූ මියගිය පුද්ගලයා අහුංගල්ල ප්‍රදේශයේ පදිංචි සංචාරක මග පෙන්වන්නෙකු ලෙස හදුනාගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් ඇතින්න බලාගැනීම සදහා යොදවා සිටි ඇත්ගොව්වන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අළුත්ගම පොලිස් ස්ථානය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඉහත ඡායාරූපය AI තාක්ෂණයෙන් ජනනය කළ ඡායාරූපයකි – සංස්කාරක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website