‘කජ්ජා‘ ඝාතනයට සම්බන්ධ සැකකාරියක් දිවයිනට රැගෙන එයි

පාතාල අපරාධකරුවෙකු වන “කජ්ජා” නමැති පුද්ගලයාගේ ඝාතනයට සම්බන්ධ සැකකාරියක් අත්අඩංගුවට ගෙන අද (27) දින දවයිනට රැගෙන ආ බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේය.

පොලිසිය විසින් අද (27) නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත පළ වේ.

ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට පත්වූ කරලහේන්ගේ අනෝෂා ලක්මාලි නම් මෙරට අධිකරණයෙන් විවෘත වරෙන්තු ලබා සිටි සැකකාරිය 2026.10.27 වන දින උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් මෙරටට රැගෙන එන ලදී.

පොලිස් නිලධරයන්ගේ දැඩි ආරක්ෂාව යටතේ ඉදිරි විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගිය මෙම සැකකාරිය,

2025.02.18 වන දින මිද්දෙණිය පොලිස් වසමේදී පිරිමි පුද්ගලයෙකු සහ දරු දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් වලස්සමුල්ල ගරු අධිකරණයෙන් විවෘත වරෙන්තු ලබා ඇත.

එමෙන්ම 2024.04.27 වන දින කටුවන පොලිස් වසමේදී නීති විරෝදී රැස්වීමක සමාජිකයෙකු වීම සම්බන්ධයෙන් වලස්මුල්ල ගරු අධිකරණයෙන් වරෙන්තු ලබා ඇත.

වයස අවුරුදු 34 ක් වූ කටුවන ප්‍රදේශයේ පදිංචිකාරියක් වන මෙම සැකකාරිය 2017.02.01 වන දින කටුවන පොලිස් වසමේදී අපහරණය හා පැහැරගෙනයාමක් සම්බන්ධව හා 2019.04.22 වන දින කටුනායක පොලිස් වසමේදී පහරදීමකට සම්බන්ධව මින් පෙර අවස්ථා දෙකකදී පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website