- අනතුරු ඇඟවීමේ මට්ටම: ඇම්බර් (Amber) – අංක 01
- වලංගු කාලය: 2026 ඔක්තෝබර් 27 වන දින ප.ව. 6.00 දක්වා.
අත්තනගලු ඔය ද්රෝණියේ ඉහළ හා මධ්යම ප්රදේශවලට ලැබුණු සැලකිය යුතු වර්ෂාපතනය සහ බස්නාගොඩ ජලාශයේ වාන් දොරටු මගින් ජලය මුදාහැරීම ආරම්භ කිරීම හේතුවෙන් අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යමින් පවතී. ඒ අනුව, ඉදිරි කාලය තුළ පහත ප්රාදේශීය ලේකම් කොට්ඨාසවල අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්රදේශවල ගංවතුර ඇතිවීමේ අවදානමක් පවතී.
අවදානම පවතින ප්රාදේශීය ලේකම් කොට්ඨාස: දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා-ඇල, කටාන, වත්තල
ජනතාවට උපදෙස්:
• පහත්බිම් ප්රදේශවල පදිංචිකරුවන් අවධානයෙන් පසුවන්න.
• අවදානම් ප්රදේශවල මාර්ග භාවිත කරන රියදුරන් විශේෂ සැලකිල්ලක් දක්වන්න.
• ආපදා කළමනාකරණ අංශ විසින් අවශ්ය පූර්ව ආරක්ෂක පියවර ගන්නා ලෙස දැනුම් දෙනු ලැබේ.









