වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අද (26) දින පස්වරු 06.00ට නිකුත් කළ නිවේදනයක් මගින් හෙට (27) දින පස්වරු 06.00 දක්වා වලංගු වන පරිදි කැළණි ගඟ ද්රෝණියේ ප්රාදේශීය ලේකම් කොට්ඨාශ 07කට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීම සම්බන්ධ නිවේදනයක් නිකුත් කර ඇත.
කැළණි ගඟ ද්රෝණියේ ඉහළ ජල පෝෂක ප්රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇත. පවතින වර්ෂා තත්ත්වය සහ ගංගා ජල මට්ටම් පිළිබඳ විශ්ලේෂණය අනුව ඉදිරි පැය 24 තුළ කැළණි ගඟ නිම්නයේ පහත් බිම් ප්රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතී.
අවදානම් ප්රදේශ – ප්රාදේශීය ලේකම් කොට්ඨාස
- රුවන්වැල්ල
- සීතාවක
- දොම්පේ
- දෙහිඕවිට
- ඇහැළියගොඩ
- යටියන්තොට
- බුලත්කොහුපිටිය
ජනතාවට උපදෙස්
• ඉහත ප්රදේශවල පදිංචිකරුවන් සහ එම ප්රදේශ හරහා ගමන් කරන රියදුරන් දැඩි අවධානයෙන් කටයුතු කරන්න.
• වර්ෂාව තවදුරටත් අධික වුවහොත් හංවැල්ල ප්රදේශයෙන් පහළ කැළණි ගඟ නිම්නයේ පහත් බිම් ප්රදේශවලටද ගංවතුර බලපෑම් ඇතිවිය හැකිය.
• ජල මට්ටම් ඉහළ යාම පිළිබඳ අවධානයෙන් සිටිමින් අවශ්ය පූර්ව ආරක්ෂක පියවර ගන්න.










