ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (26) දින ප.ව. 6.00 සිට හෙට (27) ප.ව. 6.00 දක්වා වලංගු වන පරිදි 02 වන අදියරේ (අවධානයෙන් සිටින්න) නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර ඇත.
එම නිවේදනය පහත සඳහන් ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදාළ වේ.
- ගම්පහ දිස්ත්රික්කය – අත්තනගල්ල
- කළුතර දිස්ත්රික්කය – අගලවත්ත, වලල්ලාවිට, මිල්ලනිය, පාලින්දනුවර, ඉංගිරිය, මතුගම, මදුරාවල
- මහනුවර දිස්ත්රික්කය – පස්බාගේ කෝරළේ, උඩුනුවර, ගඟ ඉහළ කෝරළේ, උඩපලාත, යටිනුවර
- කෑගල්ල දිස්ත්රික්කය – දෙහිඕවිට, ගලිගමුව, අරණායක, දැරණියගල, කෑගල්ල, මාවනැල්ල, රුවන්වැල්ල, රඹුක්කන, යටියන්තොට, වරකාපොල, බුලත්කොහුපිටිය
- කුරුණෑගල දිස්ත්රික්කය – කුරුණෑගල
- නුවරඑළිය දිස්ත්රික්කය – කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර
- රත්නපුර දිස්ත්රික්කය – නිවිතිගල, කිරිඇල්ල, බලංගොඩ, ඇහැලියගොඩ, කලවාන
ජනතාවට උපදෙස්:
- නායයාමේ ලක්ෂණ පිළිබඳව අවධානයෙන් සිටින්න.
- පොළොවේ ඉරිතැලීම්, ගස් හෝ විදුලි කණු ඇලවීම, බිත්තිවල ඉරිතැලීම් සහ ජල උල්පත්වල හදිසි වෙනස්වීම් පිළිබඳ සැලකිලිමත් වන්න.
- අවදානම් තත්ත්වයක් නිරීක්ෂණය වුවහොත් ආරක්ෂිත ස්ථානයකට යොමුවී අදාළ බලධාරීන්ට දැනුම් දෙන්න.









