පොලිස්පති අධිකරණයට අපහාස කළ බවට ගම්පහ මහේස්ත්‍රාත් තීරණය කරයි – නඩු පැවරීමට ලිපි ගොනුව අභියාචනාධිකරණයට

අධිකරණය විසින් දෙනු ලැබූ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න මහතා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට එරෙහිව නඩු පැවරීම සඳහා ඊට අදාළ ලිපිගොනුව අද (21) අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර ඇත.

මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් බවට ගම්පහ දූෂණ මර්දන අංශයේ පොලිස් නිලධාරීන් විසින් පුද්ගලයෙකුට එරෙහිව අසත්‍ය තොරතුරු මත පැවරූ අංක 1743 සහ 1744 දරන නඩු ගොනු දෙක ද අභියාචනාධිකරණයට යැවීමට මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න අධිකරණ රෙජිස්ට්‍රාර්වරියට නියම කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website