බෙංගාල බොක්ක යළිත් කැළඹෙයි – සුළි කුණාටුවක් ගැන කාලගුණෙන් අනාවැකි

ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය කැළඹිලි තත්ත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති බවත් මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් අද සහ හෙට දිනයන්හිදී දිවයින පුරා මෙන්ම දිවයින අවට ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවලද වැසි තත්ත්වය වැඩි වනු ඇතැයි අපේක්ෂා කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (21) සවස නිකුත් කළ නිවේදනයක සඳහන් විය.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වලත්, මන්නාරම දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර, එම ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතිනු ඇති බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website