බරපතළ ලිංගික අපරාධයකට ලක් වූ අනුරාධපුර රෝහලේ පුහුණු විශේෂඥ වෛද්‍යවරියගෙන් සාක්ෂි විමසීම අවසන්

2025 වසරේ මාර්තු මස 10 වන දින හෝ ඊට ආසන්න දිනයක දී අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහුණු විශේෂඥ වෛද්‍යවරියක සිය නිල නිවස තුළදී බරපතළ ලෙස දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණය හමුවේ විභාග වන නඩුවට අදාළව වින්දිත වෛද්‍යවරියගේ සාක්ෂි විමසීම සහ හරස් ප්‍රශ්න විමසීම අවසන් කිරීමට උතුරු මැද පළාත් බද මහහාධිකරණ විනිසුරුවරයා අද (21) නියෝග කළේ ය.

ඒ අනුව, වින්දිත වෛද්‍යවරියගෙන් සාක්ෂි විමසීම සහ හරස් ප්‍රශ්න විමසීම අවසන් කළ මහාධිකරණ විනිසුරුවරයා මෙම නඩුකරය නොවැම්බර් මස 11 දින යළි විභාගයට ගැනීමට නියෝග කළේය.

පැමිණිලිකාර වෛද්‍යවරිගෙන් දෙවන දිනටත් වැඩිදුරටත් සාක්ෂි විමසීම අරඹන ලෙසට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා, මෙම නඩුවට අදාළ නැති සියලු දෙනා විවෘත අධිකරණ ශලාවෙන් ඉවත් කරන ලෙසට පොලිසියට නියෝග කළේ ය.

මේ අතර, විත්තිකරුට එරෙහිව දැනට පවතින අධිචෝදනා 2ට අමතරව තවත් අධිචෝදනාවක් ගොනු කරන බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ හිමාලි ජයනෙත්ති අධිකරණයට දැනුම් දුන්නාය. ඒ අනුව වෛද්‍යවරියට අස්වාභාවික ලිංගික හිංසන සිදු කළ බවට දණ්ඩ නීති සංග්‍රහයේ 364 2 (අ) වගන්තිය ප්‍රකාරව තවත් අධිචෝදනාවක් ද ගොනු කරන ලදි.

මෙසේ අධි චෝදනා ගොනුකර සිටින්නේ ගල්නෑව නව නගරයේ පදිංචි කේ.බී. මධුරංග රත්නායක නමැති හිටපු යුද්ධ හමුදා සෙබළෙකුටය. ඔහු හිටපු චීවරධාරියෙකු බව ද අධිකරණය හමුවේ වාර්තා විය.

මෙම අපරාධයට අදාළව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ ලඝු නොවන මූලික නඩු විභාගයක් නොපවත්වා මෙම නඩුකරය විශේෂ නඩු කටයුත්තක් සේ සලකා විත්තිකාර හිටපු හමුදා සෙබළාට එරෙහිව නීතිපතිවරයා ඍජුව ම අනුරාධපුර මහාධිකරණයේ අධිචෝදනා ගොනු කිරීම විශේෂත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website