අකුණු සැර වැදී ගෙවිලියන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

රඹෑව, වැලියෝ හන්දිය ප්‍රදේශයේ පිහිටි කුඹුරක වැඩ කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු අකුණු සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද (20) දහවල් 12.30ත් 1.00ත් අතර කාලයේදී මෙම අනතුර සිදුව ඇත. මෙසේ මියගොස් 61 හැවිරිදි සහ 26 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකි.

අනතුරින් තුවාල ලැබූ තවත් කාන්තාවක් වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website