කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්යස්ථානය විසින් ඔක්තෝබර් මස 16 වන දින පෙ.ව. 01.00 දක්වා වලංගු වන පරිදි අද (15) දින පෙ.ව. 11.00 ට නිකුත් කරන ලද ප්රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනය.
උතුරු මැද, නැගෙනහිර, මධ්යම, ඌව සහ සබරගමුව යන පළාත්වල සහ කිලිනොච්චිය, මුලතිව්, වවුනියා, ගම්පහ, කොළඹ සහ කුරුණෑගල යන දිස්ත්රික්කවල සවස් කාලයේ දී හෝ රාත්රී කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.











