වැලිගම කප්පරතොට මුහුද ආශ්රිත ප්රදේශයේදී කිලෝග්රෑම් 100කට අධික මත්ද්රව්ය තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද (15) දින අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්ය කොට්ඨාශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
නාවික හමුදාවෙන් ලද තොරතුරකට අනුව සිදුකළ මෙහෙයුමකදී අදාළ මත්ද්රව්ය තොගය සොයාගෙන ඇති අතර එම මත්ද්රව්ය ගොඩබිමට ප්රවාහනය කළ බවට සැකපිට පුද්ගලයන් පස්දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.











