ආදායම් බදු සඳහා ලියාපදිංචි වූ තැනැත්තන් 2025, 2026 තක්සේරු වර්ෂය සඳහා නොවැම්බර් 30 වන දිනට පෙර ආදායම් බදු වාර්තා ලබාදිය යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සිහි කැඳවීමක් කර ඇත.
2025,2026 තක්සේරූ වර්ෂය සඳහා සිය ආදායම් බදු වාර්තා මාර්ගගත ක්රමය ඔස්සේ ඉදිරිපත් කිරීමට හැකියාව පවතින අතර දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන WWW.IRD.GOV.LK මගින් ද ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගැනීමේ හැකියාව පවතින බව නිවේදනයේ සඳහන් වේ.
ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු හෝ පැහැදිලි කිරීමක් අවශ්ය වන්නේ නම් 1944 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ තොරතුරු ලබාගත හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කළේය.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ නියමිත කාලයට පෙර ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීම තුළින් ඇති වන අපහසුතා මගහරවා ගත හැකි බවයි.















