ගීත නිර්මාණවලට අදාළ සියලුම බලපත්‍රකරණ කටයුතු තාවකාලිකව අත්හිටුවයි

පසුගිය සති කිහිපය තුළ විනෝදාස්වාද ක්ෂේත්‍රෙයේ විවිධ පාර්ශ්වකරුවන් විසින් ඉදිරිපත් කරන ලද  ප්‍රතිචාර හා කරුණු දැක්වීම් ශ්‍රී ලංකා සංගීත නිර්මාණකරුවන්ගේ සහ සංගීත ප්‍රකාශකයන්ගේ සංගමය (ACPOSL) විසින් සාවධානව පිළිගන්නා බව එම සංගමය (ACPOSL) විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

ඒ අනුව ලබන නොවැම්බර් මස පැවැත්වීමට නියමිත සිය සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම දක්වා  ගීත නිර්මාණවලට අදාළ සියලුම බලපත්‍රකරණ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කර ඇත.

සියලු පාර්ශ්වවල අභිලාෂ සැලකිල්ලට ගන්නා නීතිමය රාමුවක් සකස් කිරීමට තම සංගමය බැඳී සිටින බව ද මෙම නිවේදනයේ සඳහන් වේ.

එම නිවේදනය පහත පළ වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website