කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින්ඔක්තෝබර් මස 13 වන දින පෙ.ව. 01.00 දක්වා වලංගු වන පරිදි අද (12) දින පෙ.ව. 11.00 ට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.
එම නිවේදනය අනුව, සබරගමුව, මධ්‍යම, ඌව, බස්නාහිර, වයඹ, උතුරු මැද, නැගෙනහිර සහ දකුණු පළාත්වල සහ මන්නාරම, වවුනියාව දිස්ත්‍රික්කවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ අවදානමක් පවතී.













