සතොස බරපතළ මූල්‍ය දුෂ්කරතාවන්ට මුහුණ දී ඇති බවත්, පසුගිය වසරේ දෙසැම්බර් මාසය වන විට සැපයුම්කරුවන්ට රුපියල් බිලියන 14ක් ණය වී ඇති බවත්, සතොස සතුව තිබූ කොටස්වල වටිනාකම රුපියල් බිලියන 5.8ක් පමණක් බවත් වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඊයේ (7) පාර්ලිමේන්තුවට පැවසීය.
විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් අමාත්‍යවරයා වෙත ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වෙළඳ අමාත්‍යවරයා මේ බව හෙළි කළේය.
2020 සිට 2025 දක්වා සෑම වසරකම සමාගම පාඩු වාර්තා කර ඇති බවත්, 2020 දී රුපියල් බිලියන 1.387 ක්, 2021 දී රුපියල් මිලියන 840 ක්, 2022 දී රුපියල් මිලියන 35 ක්, 2023 දී රුපියල් මිලියන 695 ක්, 2024 දී රුපියල් මිලියන 776 ක් සහ 2025 දී රුපියල් මිලියන 721 ක් ප්‍රාග්ධන අලාභයක් වාර්තා කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
2025 දෙසැම්බර් වන විට ලංකා සතොස සමාගමේ සමුච්චිත පාඩුව රුපියල් බිලියන 22 දක්වා ළඟා වී ඇති බව කී අමාත්‍යවරයා සතොස සතුව අලෙවිසැල් 423ක් ඇති බවත් ඉන් 212ක් දැනට පාඩු ලබන බවත් පැවසීය.
2025 දෙසැම්බර් වන විට සතොස අලෙවිසැල් 452 ක් තිබූ බවත්, ඉන් 250ක් පාඩු ලබන බවත් කී අමාත්‍යවරයා මෙම තත්ත්වය හේතුවෙන් සතොස ප්‍රතිව්‍යුහගත කිරීමට තීරණය කළ බව ද සඳහන් කළේය.
“මේ තීරණය හේතුවෙන් අපට සමහර අලෙවිසැල් වසා දැමීමට සිදු වුණා. දැනට දිවයින පුරා සතොස අලෙවිසැල් 423ක් තිබෙනවා. ඉන් 212ක් පාඩු ලබනවා. මෙයට ප්‍රධාන හේතුව මෙම අලෙවිසැල් නගරවලින් ඈත්ව පිහිටි ස්ථානවල ස්ථාපිත කර තිබීමයි,” ඔහු පැවසීය.
සසොත අලෙවිසැල් මේ ආකාරයෙන් පාඩු ලබන තත්ත්වයක් තුළ අලුත් වෙළෙඳසැල් විවෘත කිරීමට පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා පැවසුවේය. ඒ අනුව 2026 වර්ෂයේ දී තවත් සතොස අලෙවිසැල් 25ක් විවෘත කිරීමට රජය සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා හෙළි කළේය.
සතොස අලෙවිසැල් 100ක් ප්‍රතිසංස්කරණය කර නව පෙනුමක් ලබා දීමට රජය සැලසුම් කර ඇති බවත්, ටෙන්ඩර් ක්‍රියාවලිය දැනටමත් ආරම්භ වී ඇති බවත් ඔහු පැවසීය.
















