ඉස්ලාම් දහමට අපහාස කිරීම සම්බන්ධයෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වැරදිකරු කරමින් කොළඹ මහාධිකරණය විසින් නියම කළ මාස 09ක සිර දඬුවම යළි තහවුරු කර ඇතැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිර සිල්වා මහතා සඳහන් කළේය.
මෙම නඩුකරය අද (09) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ අතිරේක මහේස්ත්‍රාත්වරයා මේ බව ප්‍රකාශ කළේය.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කරන ලද එම සිර දඬුවමට එරෙහිව ඥානසාර හිමියන් ඉදිරිපත් කළ අභියාචනයක් පසුගිය දා කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කරන ලදි.
ඉන්පසුව එම දඬුවම කියවා දීම සඳහා අදාළ නඩුකරය අද අධිකරණය හමුවේ කැඳවනු ලැබුවේය. එහිදී මහාධිකරණය විසින් ප්‍රකාශයට පත් කරන ලද අභියාචනා පෙත්සමේ තීන්දුව කියවා දෙනු ලැබිණි.
2016 වසරේ කිරුළපන ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී පළ කළ අදහස්වලින් ඉස්ලාම් දහමට අපහාසයක් සිදු කළ බවට චෝදනා කරමින් ඉදිරිපත් කෙරුණු නඩුවකට වරදකරු කෙරුණු ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මාස නවයක සිර දඬුවම් නියම කර තිබිණ.













