සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කර ඇති අතර එය අද (06) දින නිකුත් කර ඇත.
මෙරට තුළ සංවිධානාත්මක අපරාධ වැළැක්වීම, බරපතළ අපරාධවලට එරෙහිව කාර්යක්ෂමව කටයුතු කිරීම සහ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වලින් එල්ල වන තර්ජනවලින් සමාජය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය නීතිමය විධිවිධාන සැලසීම මෙම පනත් කෙටුම්පතේ ප්‍රධාන අරමුණ බව කෙටුම්පතේ සඳහන් වේ.
ජාතික හා ජාත්‍යන්තර සහයෝගිතාව තුළින් බරපතල අපරාධ වැළැක්වීම සහ ඒවාට එරෙහිව කටයුතු කිරීම මෙන්ම, ජාතික සීමා ඉක්ම වූ සංවිධානාත්මක අපරාධවලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය බලාත්මක කිරීම සඳහා අවශ්‍ය නීතිමය පදනම සැකසීම ද මෙමඟින් අපේක්ෂා කෙරේ.













