ඉන්ධන සැපයුමට කිසිදු හිඟයක් හෝ බාධාවක් නොමැති බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි හිමියන්ගේ සංගමයේ සභාපති ඒ.එම්.එච්. අධිකාරී මහතා අවධාරණය කරයි. ඉන්ධන මිලදී ගැනීමේදී කලබලයට පත් නොවන ලෙස ද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
ඇතැම් පිරවුම්හල්වල ඉන්ධන ඇණවුම් නියමිත වේලාවට ලබා නොදීම නිසා සමහර පිරවුම්හල්වල පෝලිම් දක්නට ලැබුණු බව ද ඔහු පැවසුවේය.
ඉන්ධන ප්‍රවාහන කොමිස් ගාස්තු සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවත් කොමිස් සූත්‍රයට සංශෝධන අවශ්‍ය බවත් අධිකාරී මහතා අවධාරණය කළේය.
“වත්මන් සූත්‍රය උඩරට සහ දකුණු ප්‍රදේශ සඳහා ප්‍රවාහන කොමිස් ගාස්තු සැලකිල්ලට ගෙන නැහැ. මෙම කාරණය සම්බන්ධයෙන් සංගමය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස මේ වන විට කොමිස් සූත්‍රය සංශෝධනය කිරීමට කටයුතු කරමින් තිබෙනවා. ඒ නිසා ඉන්ධන හිඟයක් ගැන කිසිම ආකාරයකින් කලබලයට පත් නොවන ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා” ඔහු වැඩි දුරටත් පැවසුවේය.














