2027 සිට ලංකාවේම පෙර පාසල් එකම විෂය මාලාවක් යටතට පත් කරනවා – අධ්‍යාපන ආමාත්‍යාංශ ලේකම්

2027 වසරේ සිට පෙර පාසල් සඳහා ද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කළුවැව මහතා පැවසුවේය.

මෙම ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමෙන් පසුව පෙර පාසල්වල අවශ්‍ය අවශ්‍ය දේවල් ඉගැන්වීමට නොහැකි වන බව ද කළුවැව මහතා අවධාරණය කළේය.

මෙරට මානව සම්පතට ප්‍රධාන වශයෙන් වගකියනු ලබන්නේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අමාත්‍යාංශය බව පෙන්වා දුන් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා, වත්මන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පෙර පාසල් අධ්‍යාපනයටත් ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන බවත්, ඒ අනුව පොදු විෂය මාලාවක් යටතේ පෙර පාසල් අධ්‍යාපනය ලබා දෙන බවත් කීවේය.

“මේකත් එක්ක අපි මේ අවස්ථාව වන විට අපි දැවැන්ත වැඩපිළිවෙළක් ආරම්භ කරලා තියෙනවා. ඒ අනුව දැනට පවතින ක්ෂේත්‍ර තුනේම පවතින අධ්‍යාපනය ප්‍රතිසංස්කරණ ආරම්භ කරනවා” නාලක කළුවැව මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website