අද (05) දිනට යෙදී ඇති ලෝක ජනාවාස දිනයට සමගාමීව සමගාමීව දිවයින පුරා නිවාස 5,000ක් ජනතා අයිතියට පත්කිරීමේ වැඩසටහනක් සැලසුම් කර ඇති බව නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.
2026 ලෝක ජනාවාස දිනයේ තේමාව වන්නේ ‘සැමට ප්‍රමාණවත් නිවාස‘ යන්නය. ගෝලීය නිවාස අර්බුදය අවතැන් වූ ජනතාවගේ ගැටලු සහ අඩු ආදායම්ලාභීන්ට මෙන්ම නිවාස නොමැති ජනතාවට සුරක්ෂිත වාසස්ථානයක් ලබා දීමේ අවශ්‍යතාවය මෙමගින් අවධාරණය කරනු ලැබේ.












