ඉදිරි උත්සව සමයේදී කුකුළු මස් හා බිත්තර මිල ඉහළ යාහැකි බව සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර පැවසුවේය.
කුකුළු ආහාර සඳහා අත්‍යවශ්‍ය බඩඉරිඟු ආනයනය කිරීමට අවසර දීම දිගින් දිගටම ප්‍රමාද වීම හේතුවෙන් මෙම අර්බුදය නිර්මාණය විය හැකි බව ඔහු පැවසුවේය.
මේ තත්ත්වය තුළ බඩඉරිඟු වෙනුවට සහල් ලබාදීම මඟින් කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනය සීග්‍රයෙන් පහළ වැටෙමින් පවතින බව හෙළ කළ ගුණසේකර මහතා බඩඉරිඟු හිඟවීම හේතුවෙන් සුළු පරිමාණ කර්මාන්තකරුවන් සියයට 20 පමණ පිරිසක් කර්මානතයෙන් ඉවත්වී ඇති බවද පැවසුවේය.
මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ අවධානය යොමු කර ඇති නමුත් මේ දක්වා ස්ථිරසාර විසඳුමක් නොලැබීම ගැලුවක් බව ද ඔහු පැවසුවේය.















