තබ්බෝව අභය භූමිය තුළ බෝර 12 ගිනි අවියක් සමඟ නීති විරෝධී බඳින තුවක්කු 05ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවන් 05 දෙනෙකු වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
තබ්බෝව අභය භූමිය තුළ වනජීවී නිලධාරීන් පසුගිය 30 වන දින සිදුකළ මුර සංචාරයක දී තුත්තනෙරිය ප්රදේශයේ ගිනි අවි සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් 05 දෙනෙකු නිරීක්ෂණය වී ඇත. එහිදී වනජීවී නිලධාරීන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ අතර නඩු භාණ්ඩ සහ සැකකරුවන් එළඹෙන 08 වන දින පුත්තලම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
වනාතවිල්ලුව වනජිවි කාර්යාලයේ වනසත්ව නියාමක ට්.එම්.සී.ඩී.තිලකරත්න , අශාන් දිසානයක. සිවිල් ආරක්ෂක නිලධාරීන් වන ජී.ජී.ජී.දිසානයක, ආර්.ජී.දිසානයක, වික්රමසිංහ,පතිරණ යන නිලධාරීන් විසින් මෙම වැටලීම කර ඇත.













