ලෝක ළමා දින සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අද (01) ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ඉංජිනේරු පීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය පැවසුවාය.
මෙවර ලෝක ළමා දිනය “මනසින් සවිමත් – දරුවන් පොහොසත්” යන තේමාව යටතේ සැමරන අතර, වේගයෙන් සිදුවන සමාජීය හා තාක්ෂණික වෙනස්කම් හමුවේ ළමා කාලය දැවැන්ත පරිවර්තනයකට ලක්වෙමින් පවතින මොහොතක මෙම තේමාව සුවිශේෂී වැදගත්කමක් උසුලන බව ද අමාත්‍යවරිය පැවසුවාය.














