ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ලක්ෂය පනී – මරණ 77ක්

2026 වර්ෂයේ මේ දක්වා ශ්‍රී ලංකාව තුළ වාර්තා වූ ඩෙංගු මරණ සංඛ්‍යාව 77ක් සහ රෝගීන් සංඛ්‍යාව 100,000 ඉක්මවා ගොස් ඇත.

ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් අද (28) දින නිකුත් කළ නවතම දත්ත වලට අනුව සැප්තැම්බර් 27 වන විට රෝගීන් 100,127 ක් වාර්තා වී ඇත.

ඩෙංගු රෝගීන් 21,234ක් ලෙස වැඩිම රෝගීන් සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර, එය සමස්ත රෝගීන්ගෙන් 21.21% කි. කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 19,634ක්, කළුතර 6,365ක්, මාතර 6,284 සහ ගාල්ල 5,465ක් වාර්තා වී ඇත.

මෙම වසරේ මේ දක්වා ඩෙංගු ආශ්‍රිත මරණ 77 ක් වාර්තා වී ඇති බව ද දත්ත පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website