කාවන්තිස්ස ඇතාට වනජීවී නිලධාරීන්ගේ ආරක්ෂාවට අමතර පොලිස් ආරක්ෂාවත් ලබා දෙයි

කාවන්තිස්ස ඇතාගේ ආරක්ෂාව සහ ප්‍රතිකාර කටයුතු අඛණ්ඩව සිදුකරමින්, වනජීවී නිලධාරීන්ගේ ආරක්ෂාවට අමතරව පොලිස් ආරක්ෂාවද ලබාදීමට පියවර ගෙන ඇති බව පරිසර අමාත්‍ය දම්මක පටබැදි මහතා පවසයි.

ඇතාට ප්‍රතිකාර කිරීමේදී සහ එහි ගමන් මාර්ගය නිරීක්ෂණය කිරීමේදී අවශ්‍ය ආරක්ෂාව තහවුරු කරමින්, කාවන්තිස්සට හැකි උපරිමයෙන් ප්‍රතිකාර ලබාදී සුවය ලබාදීම මෙම පියවර ගැනීමේ අරමුණ බව ද අමාත්‍යවරයා පැවසුවේය.

දිවා රෑ නොබලා කාවන්තිස්ස ඇතතා වෙනුවෙන් කැපවන වනජීවී නිලධාරීන්ට, පශු වෛද්‍යවරුන්ට සහ පොලිස් නිලධාරීන්ට සහ ගෞරවය පළ කිරීමට අමාත්‍යවරයා පියවර ගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website