“වනස්පති” ජාතික වැඩසටහනට සමගාමිව තවත් වනාන්තර 20ක් හෙට (26) රක්ෂිත ලෙස ගැසට් කරන බව පරිසර අමාත්‍ය දම්මික පටබැදි මහතා පැවසුවේය.
නුවරඑළිය, කෑගල්ල, අම්පාර, බදුල්ල, වවුනියාව හා අනුරාධපුර යන දිස්ත්‍රික්ක තුළ පිහිටි මෙම වන රක්ෂිත වල භුමි ප්‍රමාණය හෙක්ටයාර 9538කට ආසන්න වන බව ද අමාත්‍යවරයා පැවසුවේය.
මේ වන විට වත්මන් රජයේ පරිසර අමාත්‍යංශය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ එක්ව වනාන්තර 93ක් රක්ෂිත ලෙස ගැසට් කර ඇති අතර හෙට දිනයේ ගැසට් වන රක්ෂිත සමඟ ඒවායෙහි මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර 65,000කට ආසන්න වනු ඇති බව ද අමාත්‍යවරයා පැවසුවේය.
මෙම වැඩසටහන නුවරඑළිය සදතැන්න වන විද්‍යාලයේදී පැවැත්වීමට නියමිතය.














