ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂ ජානකී සිරිවර්ධන රිමාන්ඩ්

නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ කොටුව ට්‍රාන්ස්වර්ක් චතුරස්‍රය නැමැති භූමිය කඩිනමින් ක්‍රිෂ් සමාගමට ලබාගැනීම සඳහා සහාය දීම වෙනුවෙන් නාමල් රාජපක්ෂ මහතාට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා දුන් බවට සැකපිට අද (23) අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන ඔක්තෝබර් මස 06 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම  මහතා නියෝග කළේය.

මෙම විමර්ශනයට අදාළව මේ වන විට සැකකරුවෙකු වශයෙන් හඳුනාගෙන තිබෙන දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අල්ලස් කොමිසමට අවසර දෙන ලෙස ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා විසින් බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේ ය.

අදාළ සාක්ෂි සටහන් කර ගැනීම සඳහා විමර්ශන නිලධාරින් ලබන 02 වන දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට නියෝග කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website