ශ්‍රී ලංකා රේගුව විසින් සිය ප්‍රථම කඩදාසි රහිත රේගු ප්‍රකාශන පද්ධතිය 2026 ඔක්තෝබර් 01 වැනි දින කොළඹ ශ්‍රී ලංකා රේගු ශ්‍රවණාගාරයේදී නිල වශයෙන් දියත් කිරීමට නියමිත අතර , එය රේගු ක්‍රියාපටිපාටි ඩිජිටල්කරණය කිරීමේ සහ වෙළඳ ප්‍රජාව වෙත වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීමේ ක්‍රියාවලියේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ඇත.
නව පද්ධතිය මගින් රේගු ප්‍රකාශන සහ ඒ්වාට අදාළ උපකාරක ලේඛන විද්‍යුත් ක්‍රමවේදය ඔස්සේ ඉදිරිපත් කිරීමට හා සැකසීමට හැකි වන අතර, ඒමගින් භෞතික ලේඛන, අතින් සිදු කරන ලේඛන කටයුතු සහ කඩදාසි ලිපි ගොනු පරිහරණය මත පවතින රඳා පැවැත්ම අවම වනු ඇත.
මෙම වැඩපිළිවෙළ මගින් වේගවත් සැකසුම් ක්‍රියාවලියක්, වැඩි විනිවිදභාවයක්, ලේඛන පහසුවෙන් සොයා ගැනීමේ සහ පසු විපරම් කිරීමේ හැකියාවක් මෙන්ම පරිපාලන ප්‍රමාදයන් අවම කිරීම ඇතුළු ප්‍රායෝගික ප්රතිලාභ රැසක් අත්කර දීමට අපේක්ෂා කෙරේ. එමෙන්ම, වඩාත් ඵලදායී අවදානම් මත පදනම් වූ රේගු පාලනය, රජයේ ආදායම් ආරක්ෂා කිරීම, නියාමන අනුකූලතාව සහ වෙළඳ පහසුකරණය සඳහා ද මෙම පද්ධතිය සහාය වනු ඇත. තවද වඩාත් පරිසර හිතකාමි හා තිරසාර කාර්ය පරිසරයක් ඇති කිරීමටත්, රාජ්‍ය සේවාවන් ඩිජිටල් කරණය කිරීමේ පුළුල් ක්‍රියාවලියට දායක වීමටත් මෙය ඉවහල් වනු ඇත.
මෙම දියත් කිරීම මගින් වඩාත් කාර්යක්ෂම, විනිවිද භාවයෙන් යුතු, සුරක්ෂිත සහ තාක්ෂණය මත පදනම් වූ රේගු පරිපාලන ක්‍රමවේදයක් ගොඩ නැගීම සඳහා ශ්‍රී ලංකා රේගුව ගෙන යන වැඩපිළිවෙළෙහි වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කෙරෙන අතර, එමගින් නුතන ජාත්‍යන්තර වෙළඳාමේ අවශ්‍යතාවන්ට වඩාත් කාර්යක්ෂමව ප්‍රතිචාර දැක්වීමට හැකි වනු ඇත.
















