
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ඒකාබද්ධ ග්‍රාම නගර සංවර්ධන සහ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ ව්‍යාපෘතියේ (IRDCRP) හදිසි අවශ්‍යතා වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමේ සංචකය මගින් දිත්වා ආපදාවට පත් පළාත් 8ක ගව නිවාස 878ක් සහ එළු නිවාස 497ක් ඉදිකිරීමේ සමාරම්භය කෘෂිකර්ම හා පශුසම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්යෙන් ඊයේ (19) වාරියපොළ අවුලේගමදී ආරම්භ විය.
රුපියල් මිලියන 1178.5 වැය කරමින් ලෝක බැංකු ආධාර යටතේ ව්‍යපෘතිය ක්‍රියාත්මක වන අතර මේ යටතේ දිත්වා පූර්ණ හානියට පත් ගව ගාලක් සදහා එක් කිරි ගොවිමහතෙකුට රුපියල් ලක්ෂ 15ක මූල්‍යධාරයක් ලබා දෙයි.
තම ගව ගාල තාක්ෂණිකව ඉදි කර ගැනීමට අදාළව ඒකාබද්ධ ග්‍රාම නගර සංවර්ධන සහ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ ව්‍යාපෘතිය මගින් හා පළාත් පශු සම්පත් දෙපාර් තමේතුව මගින් තාක්ෂණික උපදෙස් සැපයෙන් අතර පශු වෛද්‍ය කාර්යාල මගින් අදාළ ප්‍රදේශවල අධීක්ෂණ කටයුතු සිදු කෙරේ.
ආපදාවෙන් බිඳවැටුණු ගොවි ජනතාවගේ ජීවනෝපායන් නැවත ගොඩනැගීම සහ ඉදිරි ආපදාවන්ට ඔරොත්තු දිය හැකි පරිදි ගව හා එළු නිවාස ප්‍රතිසංස්කරණය කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
















