මහවැලි ගංඟා නිම්නයේ පස්බාගේ කෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පහත් බිම් ප්‍රදේශවලට ප්‍රධාන ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.
පසුගිය පැය කිහිපය තුළ ගඟේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාපතනයෙන් පසුව මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.
බලපෑමට ලක් වූ ප්‍රදේශවල පදිංචිකරුවන්ට සහ අවට මාර්ග භාවිතා කරන වාහන රියදුරන්ට දැඩි විමසිල්ලෙන් සිටින ලෙසත් අවශ්‍ය ආරක්ෂක පියවර ගන්නා ලෙසත් ඉල්ලා සිටී.












